පොහොර වංචාවක් එළියට

Sri Lanka Police Ministry of Agriculture Sinhala news
By Hashan May 15, 2025 04:26 AM GMT
Hashan

Hashan

Report

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පොහොර වංචාවකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් ඇමෝනියා පොහොර යුරියා පොහොර ලෙසට වංචා කර වැඩි මිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.   මෙහි දී ආයතනයේ කළමණාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.   

අදාළ සැකකරුවන් සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 ත් 53 අතර වයස්වල පසුවන පුද්ගලයන් ය. 

ඇය උපාධිධාරිනියක් සමාජ ක්‍රියාකාරිනියක්.කිරුළට සුදුසුම අනුදි

ඇය උපාධිධාරිනියක් සමාජ ක්‍රියාකාරිනියක්.කිරුළට සුදුසුම අනුදි

ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාරු කිරීමට ගෙනවිත් තිබූ පොහොර මිටි 1,565 ක්, පොහොර ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථ 05 ක් හා විවිධ ආයතන වල පොහොර හිස් කවර 13,585 ක් එම ස්ථානයේ තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

ReeCha