දුම්රියේ ගැටී පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මියයයි..

Police spokesman Train Crash Accident Death
By Aruna Mar 17, 2024 03:46 AM GMT
Aruna

Aruna

Report

මීරිගම පොලිස් වසමේ විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මරණකරු ඊයේ (16) උදෑසන කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 62ක් පමණ වන අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha