ප්‍රධාන දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට උපදෙස්.
Sri Lanka
Train
By Aruna
ප්‍රධාන දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයට උපදෙස් ලබාදුන් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළා.
කෙසේ වෙතත්, කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ මෙතෙක් කවුළුවලින් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 23 වැනිදා සිට මගීන්ට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටි අතර, ඉන් දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 05 ක පාඩුවක් සිදුවන බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |