දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරම ගැන විශේෂ විමර්ශනයක්..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Jan 29, 2025 05:55 AM GMT
Aruna

Aruna

Report

දුම්රිය විද්‍යුත් ප්‍රවේශපත්‍ර වංචාවට ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම තොරතුරු මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව රහස් පොලිස් නිලධාරීන් ඊයේ (28දා) අධිකරණයට ප්‍රකාශ කළේය.

විද්‍යුත් ප්‍රවේශපත්‍ර වංචාව සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

වෙඩි තැබීමේ සිද්ධියකට ඉන්දියාවෙන් ලංකාවට දැඩි විරෝධයක්..

වෙඩි තැබීමේ සිද්ධියකට ඉන්දියාවෙන් ලංකාවට දැඩි විරෝධයක්..


මෙම වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. උඩරට මාර්ගයේ වෙන්කර ඇති ප්‍රවේශපත්‍ර නිකුත් වී තත්පර 46ක් ඇතුළත අලෙවි වන බව හෙළිවීමත් සමඟ මෙම වංචාව හෙළිදරව් විය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සාකච්ඡාවකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ඇල්ල දක්වා දුම්රිය සේවා සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර සම්බන්ධ මහා පරිමාණ ජාවාරම පිළිබඳව කනස්සල්ල පළ කළේය.

මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිදරව් කරමින් ඔහු සඳහන් කළේ, අන්තර්ජාලය හරහා සියලුම ප්‍රවේශපත්‍ර වහාම මිලදී ගන්නා කණ්ඩායම් පසුව රුපියල් 1000ක ටිකට් පතක් අලෙවි කරන අවස්ථා ද ඇති බවයි. 2,000 ක් සඳහා රු. විදේශිකයන්ට 16,000 කි.


ReeCha