දිට්වා නිසා දුම්රියක් මාස 2ක් එක තැන හිර වෙයි - රියදුරුට පෙනි පෙනී පස් කන්ද කඩන් වැටිලා

Report

දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ අයහපත් කාලගුණය නිසා දුමිරිය මාර්ග නැයයෑමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස 02ක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන 02 අතර ගාල් කර තිබෙන බව වාර්තා වේ.

ඉකුත් නොවැම්බර් 27 වන දා පස්වරු 2.07ට සුපුරුදු පරිදි මහනුවරින් නාවලපිටිය බලා අංක 1153 "පාසල් දුම්රිය" වශයෙන් ප්‍රචලිත දුම්රිය ගමන් ආරම්භ කළත් එයට ගමනාන්තයේ තෙක් මෙතෙක් ළඟා වීමට නොහැකි වී ඇත.

ඒ අනුව ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උපදුම්රිය පොළ ආසන්නයේදී මෙසේ දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නාය ගොස් ඇති අතර ගම්පොළ තැඹිලිගල වරකාපිටියේ සිට උලපනේ දුම්රිය ස්ථානය දෙසට ගමන් ගත් දුම්රියෙහි රියදුරු මාර්ගයට වැටී තිබූ පස් කන්දක් හේතුවෙන් ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම් දි තිබුණා.

තායිලන්තයේ දුම්රියක් උඩට දොඹකරයක් කඩා වැටිලා - 22ක් මරුට 30කට තුවාල

තායිලන්තයේ දුම්රියක් උඩට දොඹකරයක් කඩා වැටිලා - 22ක් මරුට 30කට තුවාල

පසුව යළි ගම්පොළ දුම්රිය ස්ථානයේ වෙත දුම්රිය පසුපසට ධාවනය කිරීම සඳහා රියදුරු උත්සහ කළ විට දුම්රිය ගමන් ගත් මාර්ගයේ ගම්පොළ වරකාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ නැයයෑම රියදුරට දර්ශනය වී ඇත.

එබැවින් දුම්රිය උලපනේ සහ වරකාපිටිය දුම්රිය උපපොළ අතර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නතර කිරිමට ඔහු සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය නවතා ඇති උලපනේ වරකාපිටිය ගම්වාසීන් කියා සිටින්නේ මෙසේ දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ එහි දුම්රිය රියදුරුගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාවෙන් බවයි.

එමෙන්ම දුම්රිය මාර්ගයට හානි වීම හේතුවෙන් එකම පොදු ප්‍රවාහනය වශයෙන් දුම්රිය භාවිතා කළ ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ තම දෛනික ගමනාගමනයට මහත් වෙහෙසක් හා මුදලක් දැරීමට සිදුවන බැවින් හැකි ඉක්මනින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරවීම ආරම්භ කරන ලෙසයි.

මේ අතර එම දුම්රියේ ගමන් ගත් දුම්රිය රියදුරන් සහ කාර්ය මණ්ඩලය දින 03කට පසුව නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති බවට ද වාර්තා විය.

අද රාත්‍රී 11 දක්වා රටටම අනතුරු ඇඟවීමක් - ප්‍රවේශම්වන්න

අද රාත්‍රී 11 දක්වා රටටම අනතුරු ඇඟවීමක් - ප්‍රවේශම්වන්න

බස්රථ වලින් ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - පොංගල් වලට අලුත් වැඩක්

බස්රථ වලින් ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - පොංගල් වලට අලුත් වැඩක්