දුම්රිය මගීන්ට දැනුම් දීමක්..අද සිදුවන දේ මෙන්න.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
මේ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු පෙරේදා මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩව පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කළා.
මේ හේතුවෙන් ඊයේ උදෑසන සිට දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කළ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රකාශ කළා.
දූෂිත ක්‍රියාවල නිරත වූ බව කියන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පත්කිරීම සම්බන්ධයෙන් මෙම වර්ජනය දියත් කෙරුණා.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධා සෝමරත්න කියා සිටියේ, ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක වූ බවයි.
වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය පහක් අවලංගු කළ බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
මේ අතර රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක් අවලංගු කර තිබූ අතර ඊයේ උදෑසන කාර්යාල දුම්රිය පහක් ද අවලංගු කර තිබුණා.
දිනකට සැලසුම් කර ඇති සීමිත දුම්රිය ගමන් සංඛ්‍යාව හේතුවෙන් දුම්රිය අමතර නැවතුම් තැබූ බැවින් මගීන් ප්‍රමාදයන් සිදුවූ බව පාලක මැදිරිය ප්‍රකාශ කළා.
මේ අනුව අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවෙනු ඇති.
මේ අතර එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ, සිය ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතියේදී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි.
කෙසේ වෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි, මෙහෙයුම් වී.එස්. පොල්වත්තගේ මහතා කියා සිටියේ වෘත්තීය සමිති තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |