අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අඛණ්ඩ වැඩ වර්ජනයක..

By Sewvandhi Dec 24, 2021 12:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (24) පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ගන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now