වහාම ක්‍රියාත්මක වන පරිදි අද හදිසියේම දුම්රිය වර්ජනයක්...මගීන්ට විශේෂ දැනුම්දීමක්..
Sri Lanka
Train Strike
By Aruna
ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.
එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කරන්නේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට දූෂණ චෝදනා ලබාන සිටින නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
මෙම නිලධාරියා එකී තනතුරට පත් නොකරන්නැයි දිගින් දිගටම දැනුම් දුන්නද ඒ ගැන අවධානය යොමු නොකරන ලද බවත් කී ලේකම්වරයා සංගමයේ විධායක සභාව විසින් මෙම හදිසි වර්ජන තීන්දුව ගත් බව ද සඳහන් කරයි.
ඒ අනුව 09 වැනි දින මධ්‍යම රාත්‍රියේ 12.00 සිට 10 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 24ක් සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවාවලින් ඉවත් වන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |