දුම්‍ රිය සේවය අර්බුදයක..

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sithumi Dec 31, 2022 12:24 PM GMT
Sithumi

Sithumi

Report

 අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට විශ්‍රාම යන සේවකයින් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අවසර ලබා දී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.  

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම යන දුම්රිය සේවකයින් 450ක් වෙනුවට 300දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ඉල්ලීම් කළ බවයි.  

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්දේශයද සහිතව මෙතෙක් අනුමැතිය හිමි නොවීම මත ඉදිරියේදී දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වන බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now