නොමිලේ ගමන් ඉවරයි.. ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමත් සමග දුම්රිය මගීන්ට සිදුවූ දේ..
Sri Lanka
Train
By Aruna
දුම්රිය ස්ථානාධිපතිවරුන් දින 6 තිස්සේ සිදු කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය 28 දින මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ 29 දින ධාවනය කල දුම්රියන් වල ධාවනය කිරිමට මගින්ගේ අඩුවක් පවතින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකල නිසා උඩරට මැණිකේ , පොඩි මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රියෙන් ශ්‍රි පාදය කරුණා කිරිමට සහ වෙනත් ගමන් බිමන් යාමට හැටන් දුම්රිය ස්ථානයට විශාල මගින් පිරිසක් පැමිණි බවත්, (29) දින සිට මගින්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |