අද දුම්රිය ධාවනයට සිදුවන දේ මෙන්න..සියලු විස්තර දැනගන්න.

Sri Lanka Train Picketing Dammika jayasundara
By Aruna Dec 14, 2021 01:30 AM GMT
Aruna

Aruna

Report

දුම්රිය රියැදුරන්24 පැයක් වැඩ වරති අබලන් දුම්රිය මැදිරි ධාවනයට එක්කිරීම හා අනාරක්ෂිත දුම්රිය සංඥා පද්ධතියක් සවිකර තිබීමට විරෝධය පළ කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් මරදාන දුම්රිය පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ රාජකාරිවලින් ඉවත් වී තිබේ.

මේ හේතුවෙන් අද (14 වැනිදා) දුම්රිය ප්‍රමාදයන්වලට ලක්විය හැකි බව එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැවැසීය.

මගී ජීවිත අනතුරේ හෙලමින් දුම්රිය බලධාරීන් ගෙන යන මෙම ක්‍රියාකලාපය නවතා ආරක්ෂාකාරී තත්ත්වයක් ඇති නොකරන්නේ නම් ලබන 26 වැනිදා සිට සියලුම රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේය.

දුම්රිය සංඥා දෝෂවලට විසඳුම් ලබානොදීම, අබලන් දුම්රිය ධාවනයට එක්කිරීම, සේවක ගැටලු ආදිය මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දුමරිය සාමාන්‍යාධිකාරී, හිටපු ප්‍රවාහන ඇමැති සහ වත්මන් ප්‍රවාහන ඇමැති සමගින් අවස්ථා ගණනාවකදීම කරන ලද සාකච්ඡා අසාර්ථක වූ හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කරන ලද ඇරයුමද මෙම සංගමය ප්‍රතික්ෂේප කර තිබේ. එෆ්. අස්ලම්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now