දුම්රිය සීසන් ක්‍රමය අහෝසි වෙයි?.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ඉදිරියේ දී අහෝසි කිරිම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවක දී සියලුම දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් අවදානය යොමු වී ඇති බව සඳහන් වෙනවා.
මෙම යෝජනා ක්‍රියාත්මක වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කළහොත් පමණක් බවට වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, දැනට දුම්රිය දෙපාර්තමෙන්තුව අධිකාරියක් බවට පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීමෙන් විශාල මුදලක් දුම්රිය දෙපාර්තමෙන්තුවට ලාභ උපයා ගත හැකි බවට එහිදි යෝජනා වී ඇති බව සඳහන් වේ.
