අවලංගු කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ධාවනයට..සියලු විස්තර මෙන්න..

By Sewvandhi Nov 29, 2021 03:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගු කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙනු ඇති.

ඒ අනුව අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery