මෙරට විශේෂ පිරිසක් හදිසියෙම ගත් තීරිණය

By Sithumi Dec 26, 2021 10:19 AM GMT
Sithumi

Sithumi

Report

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය හෙට (27) උදෑසන 10 දක්වා තාවකාලිකව නතර කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ බලධාරීන් සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now