අදත් උඩරට දුම්රියක් පීලි පනී
Kandy
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Gagana News
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මීට සුළු මොහොතකට පෙර නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදු වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.
භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට ළංවෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංඥා කණුව අසලදී එන්ජිම පීලි පැනීමකට ලක්ව ඇති බැවින් දුම්රිය ධාවනයට බාධා මතු වී ඇති බව දුම්රිය පාලන මැදිරිය සඳහන් කරයි.
මේ හේතූන් නිසා අද (15) එම දුම්රියන් ප්‍රමාද වන බවත්, පීලි පැනීමකට ලක්ව ඇති දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
