ගෙවී ගිය මාස 10 තුල දුම්රිය පීලිපැනීම් ගණන ඉහළට .....
මෙම වසරේ ගෙවී ගිය මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් 75ක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ දුම්රිය අංගණ තුළ පීලිපැනීම් 38ක්ද දුම්රිය මාර්ගවල පීලිපැනීම් 37ක්ද වාර්තා වී තිබෙන බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙම අගය පසුගිය 2021 සහ 2022 වසරවලට වඩා සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය මාර්ගවලට යොදා ඇති පීලි මල බැඳීම්වලට ලක්වීම සහ දිරාපත්වීම පීලිපැනීම් වැඩිවීමට හේතුවී ඇති බවයි.
දුම්රිය වෘත්ති සමිති පෙන්වා දෙන්නේ අබලන් දුම්රිය මාර්ග නවීකරණය කිරීමට කිසිඳු වැඩපිළිවෙලක් මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම වසරේ ගෙවුණු කාලය තුළ දුම්රිය හරස් මාර්ගවලට යොදා ඇති ආරක්‍ෂිත ගේට්ටු 346කට අලාභහානි සිදුවී ඇති බවයි.
..............................
