පීලි පැන්නෙ නෑ ඒත් එක පාරටම ගිනි ජාලාවක් ආවා පෙට්ටියට, ඔක්කොම කලබල වෙලා පැන්නා ! ” - ජීවිතයක් අහිමි කළ මාරක අනතුර ගැන, දුම්රියේ සිටි මඟියෙක් ලියූ සටහන - (Photos)
“මොකද්ද වුණේ කියලා හිතාගන්න පුළුවන්නේ..”
කැලණිය - වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී උත්තරදේවි දුම්රිය, මෝටර් රථයක ගැටී අනතුරට ලක් වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවත මේ වන විට රටම කම්පාවට පත් කළ පුවතක්. අනතුරින් මෝටර් රථය ගිනි බත් වූ අතර, එහි ගමන් කළ රියදුරා ද ජීවිතක්ෂයට පත්වුණා. ඔහු වෘත්තීයෙන් ඉංජිනේරුවෙකු බවයි වාර්තා වුණේ.
මේ අතර, දුම්රියේ ගමන් කළ තරුණයෙක් අනතුරු සිදුවූ හැටි මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණා. මම මේ 4tos ගැහුවෙ, කොලබ යන ගමන් මම ආවෙ එන්ජින් (ඩමි) එකේ බලවේග කට්ටලයක් නිසා, එකපාරටම වනවාසල පහුකරද්දීම පීලි පැන්න වගේ තේරුනා, පීලි පැන්නෙ නෑ ඒත් 1 එක පාරටම ගිනි ජාලා ආව පෙට්ටියට, මීටර් 150 withara ගිහිං නැවතුනේ කෝච්චිය පැ.කි.මි.85 විතර ආව නගරාන්තර නිසා ඔක්කොම කලබල වෙලා පැන්න.
බලනකොට කාර් එකයි කෝච්චියේ පැත්තක් හොදටම ගිනිගන්නව, කාර් එකේ ඇතුලෙ ඉන්න කෙනාට මොකක්ද උනේ කියල හිතාගන්න පුලුව්වන්නෙ! හරිම දුකයි අලුත් අවුරුද්දක් ලැබුව විතරයි! ඕගොල්ලො රේල් ගේට් එක්කින් එනකොට හොදට විමසිලිමත්ව එන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |





