ගමන් කරමින් තිබූ දුම්රියක් මතට දැවැන්ත මාර ගසක් කඩා වැටෙයි..සිදුවූ බිහිසුණු අනතුර මෙන්න.

Report

කඩිගමුව - ඉහල කෝට්ට දුම්රිය ස්ථාන දුම්රිය මාර්ගයේ දී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මතට ඊයේ (11) රාත්‍රි විශාල මාරගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

රඹුක්කන සිට මහනුවර බලා ඉන්ධන ප්‍රවාහනය කළ මෙම දුම්රියේ ඉන්ධන ටැංකියක් මතට දුම්රිය මාර්ගය අසල පිහිටි විශාල මාරගසක් එක්වරම කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි ධන ලාභ ලග්න 06කට අද ලැබෙයි..විශේෂයෙන් මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න.

හදිසි ධන ලාභ ලග්න 06කට අද ලැබෙයි..විශේෂයෙන් මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න.


නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ, මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය කඩුගන්නාව දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවයි.

ඉන්ධන ප්‍රවාහන දුම්රිය මතට කඩා වැටී ඇති විශාල මාර ගස කපා ඉවත් කිරිමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ප්‍රමාද වීම් සිදු වෙන බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළං තත්ත්වය ඉහළ යයි..අවධානයෙන් ඉන්න.

කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළං තත්ත්වය ඉහළ යයි..අවධානයෙන් ඉන්න.