පිහිටට ගිය විදුලි සේවකයා මරුට
අයහපත් කාලගුණ හේතුවෙන් බිඳවැටුණු විදුලි බල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කරන අතරතුර විදුලි බල මණ්ඩලයේ 41 හැවිරිදි සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත.
ඔහු ඊයේ (03) දහවල් කාලයේ බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටියදී අනතුරට පත්විය.
පසුව වීරපොකුණ මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.