ව්‍යාපාරිකයාට පහර දී කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා මාට්ටු

Report

ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ඊයේ (3) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් දෙදෙනා මාලබේ පොලිසියට අනුයුක්ත දෙදෙනෙකි. සෙසු සැකකරුවන් අතර ලැගුම්හලේ කළමනාකරු සහ සේවකයෙකු වන බව පොලිසිය කියයි.

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා තම දරුවා බැලීමසඳහා බියගම ප්‍රදේශයට පැමිණ නිවසට යාම සඳහා කඩුවෙල නගරයට පැමිණ බස් රථයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය බැංකුවක් අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් කාමරයක් කුලයට ලබාගෙන නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනා ලැඟුම් හලේ හිමිකරු සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර කොස්තාපල් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කර බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඔහුව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන්ය.

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

තමන් පැළඳ සිටි රන්මුදුවක් හා මුදල් පසුම්බියේ තිබූ රුපියල් 48000 ක මුදලක් දකොල්ලකා පහර දුන්බවත් දැඩි ආයාසයෙන් එම ස්ථානයෙන් පලා විත් යාබද ආපනශාලාවකට දිව ගොස් දිවි බේරා ගත් බවත් පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.