ලොරියකින් අල්ලස් ගත් ට්‍රැෆික් OIC අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Sri Lanka Police
Bribery Commission Sri Lanka
Law and Order
Sinhala news
Breaking News
By Kaushi
කීර්තිබණ්ඩාරපුර රථවහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ස්ථානාධිපතිවරයා ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී බව සඳහන්.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (05) දහවල් එම නිලධාරියාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
