ආයේ සල්ලි අරන් ටිකට් නොදුන්නොත් කොන්දොස්තරලට වැඩ වරදියි
බොහෝ පොදු ප්‍රවාහන සේවාවන්වලදී මුදල් ලබා දුන්නද කොන්දොස්තර මහතා විසින් ප්‍රවේශපත්‍රයක් මගීන්ට ලබා නොදෙන අවස්ථා බොහෝයි.
එම නිසා පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ මහතා පවසයි.
ඊට අමතරව අවස්ථා තුනකදී ප්‍රවේශපත්‍ර ලබා නොදුන් බවට වැටලීම්වලදී අනාවරණය වූ තවත් කොන්දොස්තර මහතුන් අට දෙනකුගේ සේවය මාසය බැගින් සේවය අත්හිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
බස්නාහිර පළාතේ ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ භාවිතා කිරීමේදී නියමිත ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම , ඉතුරු සල්ලි ලබා නොදීම හා මගීන් සමග ගැටුම් ඇතිකර ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පැමිණිලි ලැබෙමින් පවතී.
