internet හරහා සූදු කෙළි විදෙස් ජාතිකයන් 11ක් මාට්ටු
විදෙස් ජාතිකයන් පිරිසක් එක් වී සිදු කෙරෝ නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව පොලිසිය අනාවරණය කර ගනී.ඒ අනුව තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඉන්ටනෙට් හරහා මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදෙස් ජාතිකයන් 11 දෙනෙකු තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (අගෝ. 4) රාත්‍රී කාලයේ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.
එම අවස්ථාවේදී පරිගණක හා ජංගම දුරකතන උපයෝගී කර ඉන්ටනෙට් හරහා සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් අට දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ජංගම දුරකතන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් බව මේ පිළිබඳව තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
