වඳුරෙක් නිසා කරන්ට් ගියා කියලා ලෝකෙටම කිව්වට පස්සේ අද ආයේ ඒ ගැන හොයන්න ප්‍රසිද්ධ විභාගයක්

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම නිසා මුළු රටටම විදුලිය විසන්ධි වූ බව කියන සිද්ධියට අදාළව මහජන උපයෝගීතා කොමිසම සිදුකරන ප්‍රසිද්ධ විභාගය අද (05) දින පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විභාගයට අද පෙරවරුවේ ප්‍රකාශ ලබාදුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බව වාර්තා වේ.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

ඉකුත් පෙබරවාරි 09 වන දින මුළු රටටම හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ හදිසි තත්ත්වයක් නිසයි.

එහිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම නිසා විදුලි බිඳවැටීම සිදුවූ බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට එවක විදෙස් මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබුණා.

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

එසේ වුවද විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව ලබා දී තිබෙන වාර්තා පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි හෙයින් යළි විමර්ශනයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබුණා.

ඒ අනුව අදාළ ප්‍රසිද්ධ විභාගය අද පෙරවරු 8.30ට පමණ ආරම්භ කළ අතර එය පස්වරු 6 දක්වා පැවැත් වීමට නියමිතයි.  

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න