මධ්‍යම කඳුකරයේ රථවාහන ගමනාගමනයට බාධා - ජනතාවට අනතුරු ගැන අවවාද

By Shehan Oct 15, 2025 12:52 PM GMT
Report

මධ්‍යම කඳුකර මාලයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අයත් ජල පෝෂක ප්‍රදේශවල අද (15) දින පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුකොට ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බැවින් ජනතාවට ප්‍රවේශම් වන ලෙස අවවාද කර ඇත.

තද වැසී පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසී පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

විශේෂයෙන්ම හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ග සහ ඒ අවට අතුරු මාර්ගවල ඝන මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ. මෙම මාර්ගවල දෘශ්‍යතාව මීටර් 50කටත් අඩු මට්ටමකට පහත බැස ඇති අතර, රථවාහන රියදුරන්ට ඉදිරි දෙස බැලීමද අපහසු වී ඇත. මෙහිදී සිදුව ඇති කුඩා අනතුරු කිහිපයක් නිසා මාර්ගවල රථවාහන තදබදයක්ද ඇති වී තිබේ.

හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පවසන්නේ, මෙම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු (හෙඩ්ලයිට්ස්) දල්වාගෙන සෙමින් සහ සැලකිලිමත් ලෙස රිය පදවන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි. තවද, මීදුම් තත්ත්වය තීව්‍ර වන විටෙක මාර්ගයේ නතර කර සුදුසු මොහොතක් බලා සිටින ලෙසත් උපදෙස් ලබා දෙයි. පොලිස් නිලධාරීන් මාර්ගයේ රථවාහන පාලනය කිරීම සඳහා යොදවා ඇති අතර, අනතුරු වළක්වා ගැනීමට විශේෂ පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාතේ මගීන්ට අලුත් දඩයක්

බස්නාහිර පළාතේ මගීන්ට අලුත් දඩයක්

මෙම තත්ත්වය හේතුකොට ගෙන ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා ඇති වී ඇති අතර, ගමන් බිමන් ගිය බොහෝ දෙනෙකුට ප්‍රමාද වීම් සිදුව තිබේ. කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ, මෙම වැසි සහ මීදුම් තත්ත්වය ලබන දින කිහිපය තෙක් පවතිනු ඇති බැවින්, ජනතාව නිවෙස්වලට වී සිටින ලෙසත්, අනිවාර්ය ගමන් සඳහා පමණක් පිටත් වන ලෙසත් උපදෙස් දෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද මෙම ප්‍රදේශවලට අවවාදාත්මක පණිවිඩ නිකුත් කර ඇති අතර, ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බැවින් පහත් බිම්වල සිටින අය ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ඉල්ලා සිටියි.

මෙම තත්ත්වය නිසා සංචාරකයින්ටද බලපෑම් එල්ල වී ඇති අතර, නුවරඑලිය සහ හැටන් ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට මාර්ග තත්ත්වය ගැන පූර්ව දැනුම් දීමක් සිදුකිරීමට සංචාරක බලධාරීන් කටයුතු කරමින් සිති.

ගල්කිස්ස අධිකරණ සිදුවීමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායකට ඇප

ගල්කිස්ස අධිකරණ සිදුවීමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායකට ඇප