තමිල්නාඩුව හොල්ලමින් ඉතිහාසගත පෙරළියක්

Report

තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැති මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබේ.

1952 වසරෙන් පසු එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී ලැබුණු ඉහළම ඡන්ද සහභාගීත්වය මෙය වන අතර, 2011 වසරේ 78.29%ක පෙර වාර්තාවද මෙවර බිඳ වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

විශේෂයෙන් චෙන්නායි නගරයේ පවා සවස 5.00 වනවිට 81.34%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීම කැපී පෙනුණි.

ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නවක ඡන්දදායකයින් සිට වැඩිහිටියන් දක්වා විශාල උද්යෝගයකින් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයින් පිළිගැනීමට “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීමත්, චෙන්නායිහිදී අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමත් විශේෂ අවස්ථා ලෙස සැලකේ.

මෙවර මැතිවරණයේදී ආසන 234ක් සඳහා අපේක්ෂකයින් 4,023 දෙනෙකු තරග වදිමින් සිටින අතර, DMK සන්ධානය, AIADMK ප්‍රමුඛ National Democratic Alliance, TVK පක්ෂය (නළු විජේගේ නායකත්වයෙන්) සහ Naam Tamilar Katchi (සීමන්ගේ නායකත්වයෙන්) අතර දැඩි තරඟයක් පවතින බව සඳහන් වේ.

උසස් පෙළ ලියන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ ලියන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ධීවර සංස්ථාව හිරවෙයි - පිටින් ගත් මාලුවලට කෝටි 60ක පොල්ලක්? විගණන වාර්තාවෙන් සියල්ල එළියට

ධීවර සංස්ථාව හිරවෙයි - පිටින් ගත් මාලුවලට කෝටි 60ක පොල්ලක්? විගණන වාර්තාවෙන් සියල්ල එළියට