ශානි අබේසේකරට ආණ්ඩුවෙන් DIG තනතුරක් ?
Sri Lanka Police
Latest Headlines
Sinhala news
NPP Government
By Hashini
ශානි අබේසේකර සම්බන්ධයෙන් පසුගිය සමයේ විශාල කතා බහක් ඇති වී තිබුණා.
විශේෂයෙන්ම ජාතික ජන බලවේග මැතිවරණ වේදිකාවේ ඉහල කැපිපෙනෙන චරිතයක් ලෙසද ඔහු හැඳින්විය හැකිය.
ඔහුගේ ක්‍රියා කලාපය සහ විමර්ශන සම්බන්ධයෙන්ද දැඩි ලෙස කතා බහට ලක් කෙරුණා.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ වනවිටත් පොලිස් සේවයේ ඉතා සක්‍රියව සේවය කරමින් පසු වනවා.
දැනට ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක ලෙස සේවය කරනු ලබනවා.
වාර්තා වන පරිදි ශානි අබේසේකර ළඟදීම නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
