යාපනයේ සමුහ මිනීවළවල් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ?

Report

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා (25) යාපනයට පැමිණි අතර ඔහු එහිදී විවිධ ස්ථාන කිහිපයකට පිවිසිය.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

සංචාරයේ පළමු අදියරට ඔහු යාපනය මධ්‍ය විද්‍යාලය නරඹමින් එක්වූ අතර, ඉන් පසුව නල්ලූර් කෝවිල වෙත ගොස් ආගමික කටයුතුවලටද සහභාගී විය.

ඊට අනතුරුව, යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණි කොමසාරිස්වරයා, එහිදී සිවිල් සමාජ නියෝජිතයින්, දේශපාලන නායකයින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නියෝජිතයින් සමඟ අදහස් හුවමාරුවකට එක්විය.

අදාළ සංචාරය අතරතුර, චෙම්මිනි සුසාණ භූමිය අසල පැවති විරෝධතාවයක් වෙතද කොමසාරිස්වරයා ගොස් විරෝධතාකරුවන් හමු වී සාකච්ඡාවක්ද සිදුකරන ලදී. එහිදී විරෝධතාකරුවන් ඔහුට ඉල්ලීම් 6 ක් සහිත ලිඛිත සන්දේශයක් භාරදීමත් සිදු කළහ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙම අවස්ථාවේදී යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් උපහාර දැක්වීමක්ද කොමසාරිස්වරයා විසින් සිදුකළේය.

විරෝධතාකරුවන්ගේ පවසමින්, චෙම්මිනි සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකරමින් සත්‍යය හා සාධාරණය ජනතාවට ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔවුන් අවධාරණය කළහ.