හෙට හෙද සංගමය විරෝධතාවක.

Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Sep 25, 2023 07:05 AM GMT
Hashini

Hashini

Report

සමස්ත ලංකා හෙද සංගමය හෙට (26) දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විරෝධය දක්වමින්.

මෙම විරෝධතාවය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සිදු කිරීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බි. මැදවත්ත පවසන්නේ.

හෙද සේවක හිඟය හේතුවෙන් රෝහල් තුළ ඇති අර්බුද විසඳීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බලධාරීන් හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත් රහසිගතව සකස් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.  

ReeCha