අද පස්වරු 2න් පසු මේ පැති වලට තද වැසි - ජනතාව ප්‍රවේශම් වෙන්න

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්