එක්සත් රාජධානිය උණුසුමෙන් පිච්චෙයි - ඉතිහාසයේ උණුසුම්ම දිනය වාර්තා වේ
ඊයේ (25) දින එක්සත් රාජධානියේ සමර්සෙට් (Somerset) ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වෙමින්, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජුනි දිනය ලෙස දිනය ඉතිහාසයට එක්ව ඇත.
මෙය සතියක් තුළ බ්‍රිතාන්‍යයේ උපරිම උෂ්ණත්ව වාර්තාවක් බිඳවැටුණු දෙවන අවස්ථාවයි. මීට පෙර පසුගිය බදාදා දිනයේදී හැම්ප්ෂයර් (Hampshire) ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 36.1ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැඩි උණුසුම් දේශගුණය හේතුවෙන් රට පුරා දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අධික රශ්මිය හමුවේ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් සිය ගණනක් නියමිත වේලාවට පෙර වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම දුම්රිය මගීන්ට උපදෙස් දී ඇත්තේ.අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙසයි.
දකුණු එංගලන්තය සඳහා ලබන සිකුරාදා දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ අංශ විසින් දුර්ලභ ගණයේ රතු පැහැති (Red Weather Waing) කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.