පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව අද රැස්වෙයි. - විනය කැඩූ 09කට චෝදනා. - (VIDEO)

Report

 පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව අද (27) සිට දින 3 ක් රැස්වීමට නියමිත අතර අද පාර්ලිමේන්තුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් නව දෙනෙකුට එරෙහි පැමිණිලි හයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රමුඛත්වය ලබාදී විභාගයට ගැනෙනු ඇති බවයි වාර්තා වුණා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂට උපදෙස් ලබා දී ඇත්තේ, එම පැමිණිලි විභාග කඩිනම් කරන ලෙසයි.