අගමැති කාර්යාලයේ වාහන වෙන්දේසියට මිල ගණන් කැඳවයි

By Hashini Jul 04, 2025 03:17 PM GMT
Report

අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීමක් කර තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන 05ක් මෙලෙස විකිණීම සඳහා මිල ගණන් කැදවා තිබේ.

එම වාහන කොළඹ 03, ආර්. ඒ. ද මෙල් මාවත, අංක 150, අග්‍රාමාත්‍ය කාර්යාලය අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී රාජකාරී දිනවල ඊයේ (03) සිට ලබන 17වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 2.00 අතර කාලය තුළ පරික්‍ෂා කළ හැකි වනවා.

ලංකාවේ නම්බුව ශෙහාන් ගඳ ගස්සයි,යට ඇඳුමේ හංගාගෙන පිඹුරෝ ගේන්න හදලා

ලංකාවේ නම්බුව ශෙහාන් ගඳ ගස්සයි,යට ඇඳුමේ හංගාගෙන පිඹුරෝ ගේන්න හදලා

මිල ගණන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූළික ආකෘති පත්‍ර එක් වාහනයක් සඳහා ආපසු නොගෙවන ගාස්තු රුපියල් 5,000ක් හා ආපසු ගෙවන ඇප තැන්පතු රුපියල් 50,000ක් ගෙවා 2025.07.03 දින සිට 2025.07.17 දින දක්වා, රාජකාරී දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගිණුම් ශාඛාවේදී ලබා ගත හැකිය.

එසේම අදාළ මිල ගණන් එම ආකෘති පත්‍ර මගින් පමණක් ඉදිරිපත් කළ යුතු වනවා.

එම වාහනවල තොරතුරු පහත පරිදි වේ. 

පාසල් 185 ක් අවදානම් තත්ත්වෙක

පාසල් 185 ක් අවදානම් තත්ත්වෙක

අගමැති කාර්යාලයේ වාහන වෙන්දේසියට මිල ගණන් කැඳවයි | Bids Invited For P M S Office Vehicle Auction