වේග පන්දු යවන්නෙක්.. ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමු දෙයි..(PHOTOS)
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ තමන් එළඹෙන එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සමුගන්නා බවයි.
වසර 18ක කාලයක් සවුති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන වේග පන්දු යවන්නෙක් වේ.
ඔහු සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ මංගල ටෙස්ට් තරගය ද ආරම්භ කරන්නේ එංගලන්තයට එරෙහිව 2008 වර්ෂයේ දී ය.
35 හැවිරිදි සවුති මේ වනවිට ටෙස්ට් තරග 104කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 385ක් බිඳ හෙලා තිබෙනවා.
ටිම් සවුති මෑතකදී නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකයා වශයෙන් කටයුතු කරමින් සිට ඉන් ඉල්ලා අස් විය.
ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.
ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරය පැවැත්වෙන සිය උපන් බිම වූ හැමිල්ටන් හි දී ටිම් සවුති විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, ටිම් සවුති යනු තරග 104ක දී ටෙස්ට් කඩුලු 385ක් දවාගෙන ඇති නවසීලන්ත ක්‍රීඩකයින් අතරින් ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට (කඩුලු 431) පමණක් දෙවැනි වන එකම ක්‍රීඩකයා ය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%