ඉන්දියාවෙන් ලංකාවට ආධාර වැස්සක්
අද (07) පස්වරුවේ කොළඹ වරායේ BQ 2 හි දී ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින් ඉන්දීය රජයෙන් ලබා දෙන ද්‍රව්‍යමය ආධාර තොගයක් භාරගෙන ඇත.
මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී වී ඇත.