TikTok තහනමට එරෙහිව නඩු මගට...2024 ජනවාරියේ කුමක් වෙයිද?

Report

TikTok වලට එරෙහිව තහනම් නීතියක් ගෙනෙන්නට US වල Montana බලධාරීත් කටයුතු කරන බවට මෙම සතිය මුලදී කරුණු වාර්ථා වෙමින් තිබිණි.

එම තීරනය පැහැදිලි කර තිබුනේ පෙර අවස්ථාවලදී මෙන් රාජ්‍ය යාන්ත්‍රනය තුල හෝ එයට සම්බන්ඳ උපකරණ ඔස්සේ පමනක් නොව සමස්ථයක් ලෙසට TikTok social network භාවිතාව තහනම් කරණ බවකි.

එය January 1, 2024 සිට ක්‍රියාත්මක වන්නට නියමිත බවටත් කියවී තිබිණි. කෙසේ වෙතත් මේ වන විට වාර්ථාවෙමින් තිබෙන්නේ TikTok වල content creators ලාද මේ සදහා ප්‍රථිචාර දක්වන්නට සූදානම් වන බවකි.

එනම් ඔවුන්ද එකී නීතියට එරෙහිව අධිකරනය වෙතට යාමට තීර්නය කිරීමෙනි.

TikTok නම් ප්‍රකට චීනය මූලික ආයතනය වෙතට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ තම භාවිතාකරන්නන්ගේ ඩේටා ‍රැස්කීරීම හා භාවිතාවට චීන රජය ඉඩ සලසනවාය යන්නය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now