කොටි වළ දැමූ ආයුධ තොගයක් කිලිනොච්චියෙන් ගොඩගනී.

Police Army Sri Lanka Tiger weapons
By Aruna Dec 29, 2021 06:26 AM GMT
Aruna

Aruna

Report

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කුමාරසාමිපුරම් ප්‍රදේශයේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද ආයුධ රැසක් ගොඩ ගෙන අද (29) නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

ධර්මපුරම් කුමාරස්වාමිපුරම් ප්‍රාථමික පාසලට යාබදව පිහිටි ඉඩමේ ආයුධ තෙගයක් වලදමා ඇති බවට ධර්මපුරම් පොලිස් ස්ථානයට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ලබාගත් අධිකරණ නියෝගයක් මත ධර්මපුරම් පොලීසිය සහ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහයෙන් ඉඩමේ අදාල ස්ථානයේ කැනීම් ආරම්භ කළහ.

මෙම කැනීමේදී යුදසමයේදී භාවිතා කළ බවට සැකකෙරෙන බරඅවි ඇතුලු ආයුධ රැසක් ගොඩගනු ලැබීය.

එහිදී පොළවේ වල දමා තිබූ ආයුධ අතර 12.7 මිලිමීටර් ඇක් බර අවියක්, 12.7 මිලිමීටර්.

ත්‍රයිපොට් (බරඅවි රැඳවීමේ ආදාරකය) 12.7 මිලිමීටර් උණ්ඩ 8ක්, ටී.81 එල්.එම්.ජී. ඩ්‍රම්ස් 09 යි, 12.7 මිලිමීටර් ඩ්‍රම්ස් 01 යි, එම්.පී.එම්.ජී. ඩ්‍රම්ස් 01 යි, ටී.81 බර අවි 3 යි, ටී.56 ගිනිඅවි 06 යි, ආර්.පී.ජී. ගිනිඅවි 03 යි, ආර්.පී.ජී. ඇන්ටි ටැන්ක් 06ක්, ආර්.පී.ජී ඇන්ටි පර්ෂනල් 04 ක්, ඉග්නේටර් ඩිලේ ස්විච් 11ක්, ටෝපිඩෝ චාජර් 05 ක් මේ අතර වෙයි.

මෙලෙස ගොඩගත් ආයුධ යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් පාසල පලිහක් වශයෙන් යොදාගෙන මෙම ස්ථානයේ සිට ආරක්ෂක අංශ වෙතට ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට පසුව එම සංවිධානය විසින් මෙම ස්ථානයේ පසු ප්‍රයෝජන සඳහා ආයුධ වලදමා පලා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.

ගොඩගත් ආයුධ සියල්ලක්ම දැඩි ලෙසින් අබලන් තත්වයක් ඇති හෙයින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ආයුධ සියල්ලක්ම නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now