ප්‍රබල භූ කම්පන තත්ත්වයක්..
By krishani
අද (06) අලුයම දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයක් සිදුවී ඇත.
මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී ඇති අතර කිලෝමීටර 18 ක ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ ඇති වූ මෙම කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.
එමෙන්ම ඊට සුළු මොහොතකට පසුව තවත් කම්පනයක් වාර්තාවී ඇති අතර, එය රික්ටර් මාපකයේ 6.7 ක් අගයක් ගනු ලැබීය.
එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |