අපේ රටේ ගොඩක් අය නිරූපණ ක්ෂේත්‍රයයි රංගන ක්ෂේත්‍රයයි පටලන් ඉන්නේ-ත්‍රිකලා ධරණි (PHOTOS )

By Sithumi Jul 31, 2022 02:16 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ. කොහොම නමුත් නිරූපණ ශිල්පිනියක් විදිහට ඇයව බොහෝ දෙනෙක් ඇයව දන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකක් තියන නිරූපිකාව විදිහටයි.

ඉතින් ඒ වගේම වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන ඇය ශ්‍රී ලාංකීය විශ්ව විවාහක රූ රැජින ලෙස පවා කිරුළු පැළඳූ කෙනෙක්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස් වල සුපුරුදු විදිහට ඇයගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම කියන්න තරම් ජීවිතේ ලොකු වෙනසක් වෙලා නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම පාසල් කාලේ තමයිලු ඇයගේ ජීවිතේ සුන්දරම කාලේ.

ඉතින් ඒක කවදාවත් අමතක නොවෙන කාලයක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඒ කාලේ ඇය හීන දැක්කේ වෛද්‍ය විද්‍යාලයට යන්නලු. ඒත් ඒ අවස්ථාව ඇයට මගඇරුණා කියලයි ඇය කියන්නේ. හැබැයි ඒ පාර වැහුණට නිරූපණය කියන පාර එතැනින් ඇරුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය සාමාන්‍ය පෙළ කරලා පොඩියට ටියුෂන් පන්තියක් කළාලු. ඉතින් ඒ හොයපු පුංචි මුදලෙන් මැහුම් ගෙතුම් පාඨමාලාවකට ගියා කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ ඇය රූපලාවණ්‍ය ගැන හැදෑරීමක් කළාලු. ඒ වගේම ඇඳුම් ඩිසයින් කරන්න ඉගෙනගත්තා කියලත් ඇය කියනවා. තව ඇය උයන්නත් පුරුදු වුණාලු. ඉතින් ඔය හැමදේම අස්සේ සංගීත උපාධියකුත් සම්පූර්ණ කළා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය උසස් පෙළ විභාගය කරලත් ප්‍රතිඵල එනකල් බලාගෙන හිටියේ නැහැලු. ඇය රසායන විද්‍යාව ටියුෂන් පන්තියක් පටන් ගත්තාලු. ඊට පස්සේ ඒ ලැබෙන මුදලින් කොටසක් ඉතුරු කළාලු. ඉතින් ඉතුරු කොටසින් පිටරටින් ඇඳුම්, ඔරලෝසු වගේ විසිතුරු බඩු භාණ්ඩ මෙහෙට ගෙන්නගෙන ලංකාවේ කඩවලට දාලා මුදල් හෙව්වා කියලයි ඇය කියන්නේ. 

ඉතින් ඒ විදිහට ඇය කාලයෙන් නම් උපරිම වැඩගත්තාලු. කොහොම නමුත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවුණාම ඇය මානසිකව බිංදුවටම වැටුණාලු. හැබැයි ඒ තමයිලු ත්‍රිකලා ධරණි ජීවිතේ වැටුණු පළවැනි සහ අන්තිම දවස. ඉතින් ඒ වගේම එතැනලු ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තිබුණේ.

ඒ නිසා ඒ වැටිල්ල ඇය ඇයටම පෙරළා ආශිර්වාදයක් කරගත්තා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය 2017 වසරේ ශ්‍රී ලාංකීය විශ්ව විවාහක රූ රැජින කිරුල දිනා ගැනීමට සමත් වුණාලු. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු එහි ලෝක රූ රැජින තරගාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා කියලත් ඇය කියනවා. 

ඉතින් එහිදී රටවල් අනූවක තරගකාරියන් පරදා ඇය Mrs Universe Honestly කිරුළ දිනාගත්තා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රයයි, ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයයි ගත්තම හරියට අහසයි පොළොවයි වගේ කියලත් ඇය කියනවා. ඇයට ලංකාවේ මොඩ්ලින් තවම තේරුම් ගන්න බැරි වුනාලු. ඒ වගේම අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයයි රංගන ක්ෂේත්‍රයයි පටලන් ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ නිසා නිරූපණ ශිල්පිනිය කවුද, නිළිය කවුද කියලා වෙන් කරලා හොයාගන්න බැහැලු. 

ඒත් ජාත්‍යන්තරය තුළ වෙන්කරලා හඳුනගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. මොකද නිරූපණ ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයිලු රංගන ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය වෘත්තිය නිරූපණ ශිල්පිනියක් කියලයි ඇය කියන්නේ.

ඒත් මේ වෙනකොට ඇය නිරූපණ උපදේශිකාවක් විදිහටත් ළමයින්ගේ හීනවලට යන්න පාර කියනවාලු. ඉතින් ළඟදීම නිරූපණ පාසලක් ආරම්භ කරන්නත් හීනයක් තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha