ත්‍රීපෝෂ ගැන සතුටු හිතෙන ආරංචියක්
ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිගු නොමැති වීම හේතුවෙන් මාස ගණනාවක් අඩාල වී පැවති ත්‍රීපෝෂ නිෂ්පාදනය යළි ආරම්භ කර ඇත.
ප්‍රමිතිගත බඩඉරිගු නොතිබීම හේතුවෙන් ත්‍රීපෝෂ අඛණ්ඩව සිදුකිරීමට නොහැකි විය
එමෙන්ම ඉලක්ක ගත ප්‍රතිලාභී කණ්ඩායම් වෙත ත්‍රීපෝෂ ලබාදීම අක්‍රමවත්ව පැවතුණි.
කෙසේ වෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත්විමෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් සහිතව ප්‍රමිතිගත බඩඉරිගු ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමග ත්‍රීපෝෂ සමාගම පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදි.
ඒ සමග ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිගු සැපයුම යථාවත් වී ඇත.
පවතින තත්ත්වය යටතේ ත්‍රීපෝෂ නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ.
ත්‍රීපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සදහන් කරන්නේ දිනයේ පැය 24 පුරාම ත්‍රීපෝෂ නිෂ්පාදනය සිදුකෙරෙන බවයි.
මේ මස අවසන් වන විට ත්‍රීපෝෂ නොලැබුනු සියලුදෙනාට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ත්‍රීපෝෂ ලබා ගැනීමට හැකිවන පරිදි දිවයින පුරා බෙදා හැරීම් සිදුකරනු ලබයි
සභාපතිවරයා තව දුරටත් සදහන් කළේ වසරේ ඉදිරි මාස කිහිපයට ද අවශ්‍ය සැපයුම අඛණ්ඩව සිදුකළ හැකි බවයි