කතරගම දේවාලයේ හිස් වූ ප්‍රධාන කපු ධුරය සරත් සේපාලට

Report

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ නව ප්‍රධාන කපු ධුරයට සරත් සේපාල රත්නායක පත්ව ඇත. මෙම පත්කිරීම හිටපු ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායකගේ අභාවයෙන් පසු ඇතිවූ පුරප්පාඩුව පුරවා ගැනීමේ අරමුණින් සිදු කරන ලදී.

කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මදුසංක ප්‍රධානත්වයෙන් ඊයේ (21) කපු මණ්ඩලය සමඟ පැවති විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම නව තනතුර සඳහා සරත් සේපාල රත්නායකගේ පත්කිරීම තීරණය විය.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ටි. ආර්. කරුණාරත්න කපු තැන විසින් සරත් සේපාල රත්නායකගේ නම යෝජනා කර ඇති අතර, ආනන්ද ටී. රත්නායක එම යෝජනාව ස්ථිර කර තිබේ.

නව ප්‍රධාන කපු ධුරය සඳහා පැවැති සාකච්ඡාවට කතරගම දේවාලයේ ලේකම් දයානන්ද අදිකාරි (මහාබෙත්මේ ලේකම්) සහ බස්නායක නිළමේ කාර්යාල ලේකම් ඒ. එම්. සනත් ඇතුළු කපු මණ්ඩලය සහභාගී විය.

අස්වැසුමේ තොරතුරු යාවත්කාලීන කරයි

අස්වැසුමේ තොරතුරු යාවත්කාලීන කරයි