අස්වැසුමේ තොරතුරු යාවත්කාලීන කරයි
අස්වැසුම ලබන සියලු දෙනාගේ තොරතුරු මේ වන විට වාර්ෂිකව යතාවත් කිරිමේ කටයුතු සිදුකරමින් පවතී එම සංගණන කටයුතු මාර්තු මස 28 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.
අස්වැසුම පළමු අදියර සඳහා අයදුම් කළ ලක්ෂ 29ක පිරිසකගේ තොරතුරු යතාවත් කිරිමේ සංගණන කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ.
මෙම අස්වැසුම සංගණන කටයුතු සඳහා වසම භාර නිලධාරියා ඔබගේ නිවසක පැමිණීමට නියමිතය ඔවුන් පෙන්වා දෙන්නේ එහිදී සත්‍ය සහ නිවැරදි තොරතුරුම ලබාදෙන ලෙසයි .
ඔවුන් පෙන්වා දෙන්නේ මෙසේ සංගණන නිලධාරියා වෙත ලබාදෙන තොරතුරු අසත්‍ය හෝ වැරදි වුවහොත් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.
මෙම සංගණන කටයුතු මෙම මස 28 වනදායින් අවසන් වීමට නියමිතයි.
සංගණන නිලධාරියා ඔබ නිවසට පැමිණෙන විට අවශ්‍ය කරන මෙම ලේඛන සුදානම් කර තබා ගත යුතු බවයි අවධාරණය කරනු ලබයි.