මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - රාත්‍රී 11 තෙක් වලංගුයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (22) දහවල් 12.30 ට නිකුත් කර ඇති අතර, එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන් වේ.
නිවේදනය අනුව, සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල සවස 1.00 ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
මෙම වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ජනතාවගෙන් ගන්නා ලෙසද නිවේදනයෙන් දැනුම් දී ඇත.