විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්
අමාත්‍ය නලින්ද ජයතිස්ස විදුලිබිල වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය එළැඹෙන අප්‍රේල් 1 වනදා මහජන උපයෝගීතා කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන බව පවසයි.
අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, විදුලිබිල වැඩිකිරීමට රජය මේ වන විට බලාපොරොත්තු නොවන බවයි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි තත්ත්වය අනුව විදුලිබිල 13%කින් වැඩිකිරීමට යෝජනා කළ අතර, එහි අවසන් තීරණය අප්‍රේල් 1 වනදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
මෙම සාකච්ඡාවට එක්වූ ඩී.ජේ. රාජකරුණා පවසන්නේ, ලබන මාර්තු 24 සහ 25 දින බොරතෙල් නැව පැමිණ නොඑන බවත්, ඒ හේතුවෙන් දැවිතෙල් සහ නැප්තා අඩුවීම සිදුවීමේ ප්‍රතිවිපාක විදුලිය සඳහා භාරගැනීමට සිදු වන බවයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ,
"එළැඹෙන මාර්තු 24, 25 බොරතෙල් නැව එන්නේ නැතිවුණම පිරිපහදු කරන්න වෙන්නේ ලබන මේ මාසේ 25 වෙනකම් විතරයි. ඒ හේතුවෙන් අපට දැවිතෙල් සහ නැප්තා නැතිවෙනවා. ඒ දෙකම භාවිතා කරන්නේ විදුලිය සඳහා. ඒක බරපතළ ගැටලුවක්. දැවිතෙල් නැවක් එනවා ලබන 12,13. නමුත් නැප්තා එන්නේ නෑ. ඒ වෙනුවට ඩීසල් ගන්න වෙනවා. මේ අර්බුදය නිසා මින් ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්. මේක හරියට තේරීම් අරන් එක ලයිට් එකක් හරි නිවලා, පාරවල්වල ලයිට් ටිකත් නිවලා සහයෝගය දෙන්න. එසේ වුණොත් අපට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්. ජනතාවට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා"
යැයි පැවසීය.