රථ රියදුරන් පාරට බසියි -ඉන්ධන කෝටාව ලීටර් 36ක් කරන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයට හදිසි සංදේශයක්

Report

ඉන්ධන කෝටාව ලීටර් 20 සිට 36 දක්වා වැඩි කරන ලෙසත් ඔත්තේ ඉරටේ ක්‍රමය අහෝසි කරන ලෙසත් සියලු ත්‍රීරෝද රත ගාස්තු මිල එක මිලට ජාතික ගමනා ගමන කොමිසම යටතේ නිර්දේශය කිරිම සහ ඇප් සමාගම් කරන අකට යුතුකම් කර ගන්න කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික ඒකාබද්ධ තීරෝද රථ රියදුරු කරුවන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමය සහ තවත් තීරෝද රථ සංගම් තුනක් අද පෙරවරුවේ පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් බාර දෙන ලදි.

තවද ගැටලු පිළිබඳව සාකච්ඡවක්ද සිදු කරන ලදි .

මෙය සංවිධානය කර තිබුණේ වෘත්තිය ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහයෝගිතා සංවිධානය සංවිධානය විසිනි.

ඩී.ආර් විජේ වර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේ සිට පා ගමනින් තීරෝද රථවලින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි පසුව 8 දෙනෙක් සඳහා සාකච්ඡාවක් ලබාදුන් අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත

ජනාධිපති මහජන සම්බන්ධතා අද්ද්‍යක්ශ D ගමගේ මහතා සමග සාකච්ඡා කරා පැයක් පමණ සාකච්ඡා සාර්ථක බව විරෝධතා‍ කරුවන් සදහන් කරන ලදි .