හෙට සිට ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි..බස් ගාස්තුත් වෙනස් වෙයි?.. නව මිල ගණන් මෙතනින් දැන ගන්න..

Fuel Price In Sri Lanka Sri Lanka National Fuel Pass
By Aruna Jun 01, 2023 07:51 AM GMT
Aruna

Aruna

Report

පෙට්‍රල් මිල අඩුවීම QR ඛේතයේ ඉන්ධන සහනය වැඩිවීම සැලකිල්ලට ගනිමින් හෙට සිට ත්‍රීරෝද රථ ගාස්තු අඩුකරන බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ, දෙවන කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කෙරෙන බවයි. මිල සූත්‍රයට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරුණා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කිරීමට පියවර ගත් අතර ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 දක්වා පහත හෙළුණා.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 ක් වේ.

කෙසේවෙතත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කිරීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245ක් වනවා.

මේ අතර ඩීසල් මිල වැඩිවුවද බස් ගාස්තු වැඩි නොකරන බවයි පෞද්ගලික බස් හිමියන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now