අද ලෝකය මිනිත්තු 6ක් අන්ධකාරයට - නාසා අනතුරු ඇඟවීම නිකුත් කරලද?
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ 'වසර 100කට වරක් සිදුවන දුර්ලභ සූර්යග්‍රහණයක්' ලෙස හඳුන්වමින් තොරතුරු පැතිර ගිය නමුත්, එක්සත් ජනපදයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (නාසා) එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
සූර්යග්‍රහණයක් යනු චන්ද්‍රයා පෘථිවිය හා සූර්යයා අතරට ගමන් කර, සූර්යයාගේ ආලෝකය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය කරන තාරකා විද්‍යාත්මක සිදුවීමකි. මෙම අවස්ථාවේදී, සූර්ය ආලෝකය තාවකාලිකව පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට ලැබීම අවහිර වේ.
2025 වසරේ ඊළඟ සූර්යග්‍රහණය සැප්තැම්බර් 21 වැනිදා සිදුවීමට නියමිතය. එය අර්ධ සූර්යග්‍රහණයක් (partial solar eclipse) වන අතර, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට එය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. නාසා ආයතනය පවසන පරිදි, මෙම සිදුවීම දුර්ලභ හෝ අසාමාන්‍ය එකක් නොවන අතර, එය සාමාන්‍ය තාරකා විද්‍යාත්මක සිදුවීමකි.
1991 වසරේ සිදුවූ සූර්යග්‍රහණයෙන් පසු, මෙම සියවසේ දීර්ඝතම සම්පූර්ණ සූර්යග්‍රහණය (total solar eclipse) 2027 අගෝස්තු 02 වැනිදා සිදුවනු ඇත.
මෙම සිදුවීම මිනිත්තු 6ක සහ තත්පර 22ක කාලයක් පුරා පවතිනු ඇති අතර, පහත රටවලට එහි බලපෑම වඩාත් පැහැදිලිව දිස්වනු ඇත;
ස්පාඤ්ඤය, ජිබ්‍රෝල්ටාර්, මොරොක්කෝ,ඇල්ජීරියාව,ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව,සුඩානය, සෞදි අරාබිය, යේමනය, සෝමාලියාව.
කෙසේ වුවත්, මෙම සූර්යග්‍රහණය පෘථිවිය සම්පූර්ණයෙන් අඳුරු කරන තත්ත්වයකට පත් නොවනු ඇත. එය සවස් කාලයේ මඳ අඳුරු ආලෝක තත්ත්වයක් ඇති කරනු ඇති අතර, ඉහත රටවලට පමණක් පැහැදිලිව දිස්වනු ඇත.
