ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් රජය ගත් දැඩි තීරණය මෙන්න.
Sri Lanka
Three weel
By Aruna
කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සදහා මීටරේ අනිවාර්ය වෙයි කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට අකුරටම ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.
මීට අදාළ නියෝගය 2017 වසරේ දී නිකුත් කර ඇතත් එම නියෝගය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නො වේ.
එම නීතිය තදින්ම බලාත්මක කරමින් නිවේදනයක් සූදානම් කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
මීටර් සවිකර ගැනීම සඳහා ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සහන කාලයක් ලබාදීමටත් ජූනි 01 වැනිදායින් පසු මීටර් නොමැතිව ධාවනයේ යෙදෙන කුලී ත්‍රීරෝද රථ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිසියට උපදෙස් ලබාදෙන බව එම අමාත්‍යාංශයේ උසස් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |