යතුරුපැදි සොරකම් කළ තුන්දෙනෙක් කොටුවෙයි.

Police spokesman Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Nov 08, 2023 10:03 AM GMT
Hashini

Hashini

Report

 යතුරුපැදි සොරකම් කර කැබලි කොට විකුණු ජාවාරමක නිරත වූ සුද්දා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් සතුව තියුණු පිහියක් හා අත් බෝම්බයක් තිබු බව පොලීසිය පවසනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කටුනායක, පෑලියගොඩ, මරදාන, රාජගිරිය, බත්තරමුල්ල, මාලඹේ, කළල්ගොඩ, කොට්ටාව යන ප්‍රදේශ වලින් යතුරුපැදි හා ත්‍රිරෝද රථ සොරා ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල හා කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

ReeCha