විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

CEB Ceylon Electricity Board Strike Sri Lanka Sinhala news
By Hashini Jul 21, 2025 11:54 PM GMT
Hashini

Hashini

Report

යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද ආරම්භ කරන බවය.

අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් අද විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වන්නේ.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර ඇත්තේ අද වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බවයි. 

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

ReeCha